සූරියවැව වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
2025 August 22- Page Views : 1187
සූරියවැව වැවේගම ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට තැත්කල සැකකරුවන් දෙදෙනකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියවැව පොලිසිය කියයි .
ජීවිතක්ෂයට පත් පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකල මිනිස් ඝාතනයක ප්‍රධාන සැකකරු බවට සැකකරන බව පොලිසිය පවසයි .
වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු සූරියවැව රෝහලට රැගෙන එමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ .වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බළකායේ සෙබළකුටද තුවාල සිදුවී තිබේ . සැකකරුවන් ළග තිබී අත් බෝම්බයක් සොයාගත් බවද පොලිසිය පවසයි