WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක්

2025 August 22- Page Views : 1187

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ  හිටපු සභාපතිවරයකු තම කාර්යාලයට පැමිණ  තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ  සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා  මහතා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

  තම ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සහයකයක තරුණියක වසරක කාලයක් සේවය කර වැටුප් ලබා ගෙන තිබූ බවත්, එම තරුණියට සේවයට බදවා ගෙන ඇත්තේ හිටපු සභාපතිවරයා බවයි වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා කියා සිටියේ.

පුස්තකාල සහයිකාවගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරිමේදි ව්‍යාජ ලෙස සකස්කරන ලද අධ්‍යාපන සුදුසුකම් සභාව වෙත ඉදිරිපත් කර පත්වීම ලබා ගෙන ඇති නිසා සභාවේ ලේකම්වරයා විසින් ඇගේ සේවය (20) දින සිට පරික්ෂණයකට යටත්ව තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එම සේවිකාව තම නිවසට (21) දින පැමිණ තමන්ව සේවයෙන් ඉවත් නොකරන ලෙසට ඉල්ලීමක් කළ බව සභාපතිවරයා කියා සිටියේය.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් නීත්‍යානුකූලව ඇයව තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බවත්, එයට තමන්ට කිසිදු බලපැමක් සිදු කිරිමට නොහැකි නිසා තමන්ට අසාධාරණයක් සිදු වී ඇතිනම් ඒ පිලිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන ලෙස ඇයට උපදෙස් ලබා දුන් බවයි සභාපතිවරයා කියා සිටියේ.

ඉන් අනතුරුව තමන් (21) දින උදෑසන නෝර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිටින අවස්ථාවේ හිටපු සභාපතිවරයා තම කාමරයේ දොර තල්ලු කරගෙන පැමිණ බලෙන් පුටුව මත වාඩි වී තමාගේ පෞද්ගලික වැඩ කටයුතුවලට බාධා නොකරන ලෙසත්, තමන්ට සභාපති ධූරයේ වැඩකටයුතු සිදු කරගෙන යෑමට ඉඩ ලබා නොදෙන බව තර්ජනය කරමින් හිටපු සභාපතිවරයා කාර්යාලයෙන් පිටව ගිය බවයි වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා කියා සිටියේ.