WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොරලැස්ගමුවේ ඝාතනයට දෙකක් සැකපිට

2025 August 25- Page Views : 1187

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි.

මෙහිදී වයස අවුරුදු 25 ක තරුණයකු ඝාතනයට ලක් විය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19-20 අතර පසුවන්නන්ය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදීී ඇත.