හෙට සිට උණුසුම වැඩිවෙයි
2025 August 25- Page Views : 1187
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (25) දිනය සඳහා වලංගු වන පරිදි, 2025 අගෝස්තු 24 දින ප.ව. 03.30 ට නිකුත් කරන ලදී.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී ඇත.
එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවය.