WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සීවලි අරුක්ගොඩ පත් කෙරේ

2025 August 26- Page Views : 1187

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඔහු අද එම ධූරයේ වැඩභාර ගැනීමට නියමිතයි.

සීවලී අරුක්ගොඩ රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අමතරව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළා.

1989 වසරේ සහකාර රේගු අධිකාරිවරයෙකු ලෙස රේගු දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.