WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පානදුරේ වෙඩි පහරින් අයෙක් මරුට

2025 August 28- Page Views : 1187

අවිගත් නාදුනන  තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

  මෙලෙස ඝාතනය කර ඇත්තේ  පෙතිගේ දිල්හාර ප්‍රනාන්දු (55) නැමැත්තෙකි.

  මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරට නිලංක සම්පත් නැමැත්තාගේ බිරිඳගේ පියා බව පොලිසිය සඳහන් කරයි.