ව්‍යාජ පොලිස් ලාංඡන-පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි
2025 August 28- Page Views : 1187
මහරගම නාවින්න ප්‍රදේශයේදී මාර්ග බාධකයේදී වෑන් රථයක් නවතා පරික්ෂා කිරීමේදී ව්‍යාජ පිස්තෝලයක් ඇතුළු පොලිස් ලාංඡන රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියය
ව්‍යාජ පිස්තෝලයක්,පිස්තෝල රඳවනයක්, පොලිස් නිල ලාංඡන සහිත කාන්තා හිස් වැස්මක් ,ඇතුළු විවිධ ලාංඡන රැසක් පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු මෙම ව්‍යාජ පිස්තෝලය සහ පොලිස් නිල ලාංඡන සන්තකයේ තබා ගත්තේ කිනම් අරමුණකටද යන්න සොයා වැඩිදුර විමර්ශන පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරු වේයන්ගොඩ බෝපාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයෙකි