ගින්නකින් පොලිතීන් කර්මාන්ත ශාලාව අළුවෙයි
2025 August 29- Page Views : 1187
නවගමුව දැඩිගමුව ජය මාවතේ පිහිටි පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (28) දා රාත්‍රී ඇතිවූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
ගින්න පාලනය කිරීම සදහා කෝට්ටේ ගිනි නිවන ඒකකයෙ භටයින් අට දෙනෙකු සමග ගිනි නිවන රථ දෙකක් ,පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පැය තුනක පමණ මෙහෙයුමකින් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව පොලිසිය කියයි.
ගින්නෙන් පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ගබඩාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
ගිනි නිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් එම ගින්න නිවීමට යාමේදී එහි සිටි එක් පුද්ගලයකුගේ පාදයට පිළිස්සුම් තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකර්ම සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ