වෙන්නප්පුවේ වෙඩි තැබීමට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
2025 September 01- Page Views : 1188
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 29ත් අතර පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසීය සඳහන් කළේය.
ඔවුන් දෙදෙනා අද (01) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී ද රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී ඊයේ (31) පෙරවරු 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා තිබුණි.
සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය.
යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.
2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.