සමාජ මාධ්‍ය භාවිතය තරුණයින් තුළ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කරන බව මනෝවෛද්‍යවරුන් කියයි
2025 September 01- Page Views : 1187
වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩිවශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝවෛද්‍ය විශේෂඥයින් පවසයි.
කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළේ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නැඹුරුවන පිරිස් මුලික අදියරේදීම හඳුනාගෙන ඔවුන් නිසි මගට යොමු කිරීමට කටයුතු කළ යුතු බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා,
''ප්‍රචණ්ඩත්වය සමාජය තුළ ප්‍රශ්න විසඳගන්න භාවිත වෙනවා. සමාජ මාධ්‍ය තමා ගොඩක් දුරට වගකින්න ඕනේ සමාජය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පතුරුවන්න මතවාදී වශයෙන් සමාජ මාධ්‍ය මේ පසුගිය කාලය පුරාම උපයෝගී වුණා.. අද නව යෞවනයන් ගොදුරු වෙලා තිබෙනවා මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරෙන්න.. මේ නව යෞවනයන් මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සමඟ එකතු වෙන්න පුලුවන්.. විවිධ සන්නද්ධ කල්ලිවලට එකතු වෙන්න පුලුවන්.. ඔවුන්ට තරහා පාලනය කර ගැනීමේ ගැටලු පවා තිබෙනවා.. මේ වගේ උප සංස්කෘතියකට එකතු වුණාට පස්සේ ඒවාගෙන් ගැලවීමත් අපහසුයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් පතාල කල්ලිවල සමාජිකයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම ඉතා වැදගත්. මේ තත්ත්වය අඩු කර ගැනීමට කරන්න පුලුවන් ප්‍රධානම දේ තමා එවැනි දේවල්වලට භාජනය වන අය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඒ අයට අවශ්‍ය පුනුරුත්තාපනය ලබා දෙන එක''