WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියා මරලා

2025 September 02- Page Views : 1187

පිළියන්දල මඩපාත කර්මාන්ත ශාලාවක්තුළදී  ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් යන්ත්‍ර ක්‍රියාකරුවකු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය සමඟ පොලිසිය  අත්අඩංගුවටගෙන ඇත.  සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල තුන්බෝවිල ගමගේ මාවත පදිංචිව සිටි පා ගොඩ ආරච්චිලාගේ දොන් කුසුම් උදයප්‍රිය (40)  දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේ සහකාර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය කියයි. සැකකරු  කර්මාන්ත ශාලාව තුළදී තියුණු ආයුධයෙන් පහරදී ඝාතනය සිදුකරන අයුරුත් එහි සවි කර තිබූ සීසි සිටී කැමරාවේද සටහන්වේ.අත්අඩංගුවට ගත් සැකකරු  මඩ පාත , පොල් ගහ කොට්ටනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.