WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අධිවේගයේ වැටත් කඩාගෙන පැන්න බවුසර් අනතුරින් රියැදුරු සහ සහයකයා මරුට

2025 September 03- Page Views : 1187

මධ්‍යම අධිවේගී මාර්ගයේ  නාකුළුගමුව හා මීරිගම අතරදී ඉන්ධන බවුසරයක්  සහ ලොරියන් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයෙකු තුවාල ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

කිලෝමීටර 41.1 කොළඹට ගමන් ගන්නා මං තීරුවේදී මෙම රථ දෙක එකිනෙක ගැටීමෙන් බෑවුමට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ ඉන්ධන බවුසරයේ සහායකයා සහ ලොරි රථයේ රියදුරු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් මාර්ග සංවර්ධන අධිකාරියේ දේපළවලටද දැඩි හානි සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ.