බිහිසුණු අනතුර සිදුවූ අඩි 500ක ප්‍රපාතයේ සිට ගෙනආ සුවිශේෂී දර්ශන
2025 September 05- Page Views : 1187
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර් කණුව අසලදී ඊයේ (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ.
මෙම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටින බවය.
තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි.
අනතුර සිදුවූ ස්ථානයේ රැඳීසිටින වාර්තාකරු අඩි 500ක් පමණ ප්‍රපාතයේ බස්රථය රැඳී තිබෙන ස්ථානයට ළඟාවීමට සමත්විය.