ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්
2025 September 05- Page Views : 1187
ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත.
ඊයේ (04) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී තිබුණි.
මෙම අනතුරින් 15 දෙනෙකු මියගිය අතර පොලීසිය සඳහන් කර ඇත්තේ අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය.
අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.
තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි.
අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.