WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සීගිරියේ අතුරුදහන් මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි

2025 September 05- Page Views : 1187

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග 'සීගිරියේ අතුරුදහන්' නමින් පෙනී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සීගිරිය පොලීසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ඇතුළු පිරිසක් විසින් ඊයේ (04) පස්වරුවේ සිදුකළ හදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු සන්තකයේ තිබී කුෂ් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 280ක්, අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 11ක්, රුපියල් 23,000කට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන 2ක් සොයාගෙන ඇත.

සැකකරු මීට පෙර ද ගංජා සමග අත්අඩංගුවට පත්ව නිදහස් වූ පුද්ගලයෙකු බව වැඩිදුර සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.