වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් රජය මිලදී ගනී
2025 September 06- Page Views : 1187
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය.
අම්පාර දිස්ත්‍රිකයේ සියයට 85ක් මේ වනවිට අස්වනු නෙලා අවසන් වී ඇති අතර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදි ගැනීම ද තවදුරටත් සිදුවන බව ඔහු කියා සිටියේය.
වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙන ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.