WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට දෙදෙනෙකු අත්අඩංගුවට

2025 September 08- Page Views : 1187

ග්‍රෑන්ඩ්පාස් - මහවත්ත - ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් දෙදෙනෙකු කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු අවුරුදු 31 සහ 32 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ පසුගිය 05 වනදායි.

එමෙන්ම පෙරියනිලාවෙනි - නිලාවෙනි පාර ප්‍රදේශයේදී කාන්තාවක් පසුගිය මැයි මස 30 වනදා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු වෑන් රථයක් සහ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මොහු අවුරුදු 20ක් වයසැති පෙරියනිලාවෙනි 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්