WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්

2025 September 08- Page Views : 1187

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවය.

පසුගියදා ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවධානමද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැපවීමෙන් කටයුතු කළේය.