WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ද්විත්ව ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

2025 September 09- Page Views : 1187

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2025.06.24  වන දින මිද්දෙනිය පොලිස් වසමේ සමූහ ගොවිපල තේක්කවත්ත පාර ප්‍රදේශයේදී වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනය කරමින් සිට ඇති අතර ඊයේ (08) විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. 

සැකකරුවන් අවුරුදු 25 වයසේ පසුවන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී පහත සඳහන් ආයුධ හා දේපල සොයාගෙන ඇත.

ඉහත වෙඩි තැබීමට යොදාගත් උෂි වර්ගයේ ගිනි අවිය මි.මි 09 වර්ගයේ පිස්තෝල අවියක් මි.මි. 09 වර්ගයේ ජීව පතොරොම 53 ක් විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතොරොම් 25 ක් අංක 45 ලෙස සටහන් ජීව පතොරොම් 04 ක් ටී 56 වර්ගයේ ජීව පතොරොම් 19 ක් ටී 56 වර්ගයේ හිස් පතොරොම් ගැබි 02 ක්, අත් විලංගු යුවළක් හෙරොයින් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 120 ක්

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.