WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි - විදේශ කටයුතු අමාත්‍යාංශය

2025 September 10- Page Views : 1187

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

එමෙන්ම මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවා.

නේපාලයේ කත්මන්ඩු නුවර සහ අනෙකුත් ප්‍රදේශවල ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එරට පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව පුද්ගලිකව විමසීමටයි අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.

මේ අනුව, ශ්‍රී ලාංකික සිසුන් 22 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 99 දෙනෙකු (තානාපති කාර්ය මණ්ඩලය සහ පදිංචිකරුවන් ඇතුළු) නේපාලයේ සිටින බව තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සියලු පුරවැසියන් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා හදිසි දුරකථන අංක සකසා දී ඇති අතර, අවශ්‍ය සහය ලබාදීමේ කටයුතු සිදු කරමින් සිටිනවා.

අමාත්‍යවරයා නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් තුළ රැඳී සිටීමට, විරෝධතා හා උද්ඝෝෂණා කලාපවලට නොයෑමට සහ නිකුත් කරන ලද ඇඳිරිනීතිය දැඩිව පිළිපැදීමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අවශ්‍ය තත්ත්වයන් හමුවේ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බවයි අවධාරණය කර ඇත්තේ.