WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සැකකාරිය පොලීසියෙන් මිදි පැන ගිහින්

2025 September 10- Page Views : 1187

හෙරොයින්  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක්  පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂාවට සිටි කාන්තාවකගේ ගහණයෙන් මිදී පලා ගොස් ඇති බව හූරිගස්වැව පොලිසිය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 160 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බොරලුකන්ද නවමකුලම ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූණි.

එම අත්අඩංගුවට ගත් කාන්තාව ආරක්ෂක මාතාවක් යටතේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකාරිය වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇත.

අනතුරුව පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ ආරක්ෂක මාතාවද සමඟ සැකකාරිය පොලිස් ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි වැසිකිලියට රැගෙන යාමෙන් පසු පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂක මාතාවගේ ග්‍රහණයෙන් මිදී සැකකාරිය පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.