WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

2025 September 10- Page Views : 1187

හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස, දීමනා සහ වාහන ඇතුළු වරප්‍රසාද ඉවත් කෙරෙන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා අදාළ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි ද කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අදාළ කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරිපත් කරමින් කථානායකවරයා සඳහන් කර තිබුණේ ඒ අනුව කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.

එසේම හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු‍ පහසුකම්ද ඉවත් කිරීමට නියමිතයි.