ඇල්ල වැල්ලවාය බස් අනතුර වූ තැන ආරක්ෂිත බැම්මක්
2025 September 11- Page Views : 1187
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 වන කණුව ප්‍රදේශයේදී මාරක බස්රථ අනතුර සිදුවූ ස්ථානයේ පස් බැමි යොදා ආරක්ෂිත බැම්මක් (අද 10) ඉදිකළ බව ඌව පළාත් ආණ්ඩුකාර නිතීඥ කපිල ජයසේකර මහතා පවසනවා.
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද සමඟ නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ආපසු එමින් සිටියදී ඇල්ල වැල්ලවාය මාර්ගයේදී මෙම අනතුර සිදුවුණේ ඉකුත් 04 වැනිදා රාත්‍රියේදීයි.
මෙම ස්ථානයේ මීට පෙරත් මාර්ග අනතුරු කීපයක් සිදුවී බොහෝ ජීවිත හානි රැසක් අහිමි වූ බවත් එම නිසා මාරක අනතුරු අවම කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්වී එම ස්ථානයේ පස් බැම්ම යොදා ආරක්ෂිත බැම්මක් ඉදිකර තිබෙනවා.