WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සජිත් යලිත් පාස්කු විවාදයක් ඉල්ලයි

2025 September 11- Page Views : 1187

පාස්කු ප්‍රහාරය ගැන විවාදයක්  කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටියේය.

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය රටේ සුවහසක් ජනතාවට කතෝලික ජනතාවට දැනගැනීමට අවශ්‍යව තිබෙනවා.

වින්දිතයන් එම සත්‍ය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා.

 මහ මොළකරු කවුද යන්න සොයා බලන විවාදයක් අවශ්‍යයි.පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.