විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ලක්මාලිට බැන්නා
2025 September 11- Page Views : 1188
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තුවේදී ඊයේ තදින් කතා කළේ යැයි ද ඒ හැසිරීම අවලස්සන යැයි ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගණන ඉතා අඩු මට්ටමකයි පැවතුණේ.මම දකින්නේ මේක ප්‍රචණ්ඩත්වයක්, තර්ජනයක් විදියට.මේක වචන වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.
අද උදෙත් මෙතන හැසිරුනේ ඔය අන්දමට තමයි.මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔය සංස්කෘතිය වෙනස් කරන්නයි. ඒ මන්ත්‍රීවරියගේ දක්ෂතාවය මේ මන්ත්‍රීවරුන්ගේ පිරිමි කමට අභියෝගයක් වෙලා තියෙනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.