WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව වෙන්නේ නෑ

2025 September 11- Page Views : 1187

ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව සිදුවන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා :- (ස.ජ.බ) පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ පැවසූ කතාවකට ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රසාද් සිරිවර්ධන  මහතා:-

මම අදහස් ප්‍රකාශ කිරීමේදී නීත්‍යානුකූල නොවන අයුරින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මයික් එක ලබා ගත්තා.මා කතා කළේ  අපහාසයකට නොවේ.ඒ වගේම දේශපාලනයට එන්න බලාපොරොත්තු වන කාන්තාවන් අපහසුතාවයට පත් පත් කරන්න නෙවේ.

මගේ කතාවට බාධා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට විරෝධය පළ කිරීමක් පමණයි මා කළේ.ඒක දේශපාලන වාසියට අරගෙන කතා කරන්න එපා යැයි මා අගමැතිතුමියටද කියනවා.එතුමිය ක්‍රියාව නොකර හිටියා නම් මා අතින් ප්‍රතික්‍රියාවක් වන්නේ නැහැ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය:-

ඒ තර්ජනය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය තර්ජනයක් තිබෙනවා.

සභා නායක බිමල් රත්නායක මහතා:-

වැරදි කරන එක නෙමෙයි, ඒක පෙන්නලා දුන්නාම හදාගන්න බැරිද?