WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමාත්‍ය විජිත හේරත් සහ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් අතර හමුවක්

2025 September 11- Page Views : 1187

මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහ ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබදව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමකින් පසුවන බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ, ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වෝල්ටර් ටර්ක් ඊයේ හමුවූ අවස්ථාවේදීයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයට එහි ගොස් සිටින අමාත්‍ය විජිත හේරත් සහ මහකොමසාරිස්වරයා අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එම වාර්තාව සම්බන්ධයෙන් ලක් රජයේ ස්ථාවරය අමාත්‍ය විජිත හේරත් විසින් දීර්ඝ ලෙස පැහැදිලි කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.