WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

2025 September 11- Page Views : 1187

බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි මහසිලු නම් ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබී අද (11) උදෑසන සොයාගෙන තිබේ.

මෙම ඇතාගේ මරණයට නිෂ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

හොඳින් වැඩුණු දළ දෙකක් සහිතව ප්‍රදේශයේ තේජමානව සිටි මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට වනජීවි නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.