WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 24ක දුම්වැටි වනසයි

2025 September 12- Page Views : 1187

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් විසිහත්කෝටි හතළිස් ලක්ෂ දහ අටදහස් දෙසීයක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක්  මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබීය.

කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් 2025 මැයි මස 25 වන දින සිට 2025 ජූලි 20 දින දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ විදේශීය දුම්වැටි 1,826,788 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.

මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම රු.205,668,674 ක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

ගුවන්ටුතොටුපල තුළ රේගු නිලධාරීන් විසින් දෛනිකව සිදුකරන ලද වැටලීම් මගින් මෙම දුම්වැටි අත්අඩංගුවට ගෙන රාජසන්තක කර ඇත. රේගු ආඥා පනතේ 12, 43 වන වගන්ති අනුවද 1999 අංක 8 දරන දුම්කොල පනත අනුවද ශ්‍රී ලංකාව තුලට දුම්වැටි රැගෙන ඒම හෝ ආනයනය කිරීම හෝ නීති විරෝධී ක්‍රියාවක් යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.