WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට එරෙහිව බැංකු සේවකයෝ අද වීථි බසී

2025 September 12- Page Views : 1187

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව ඔවුන් අද කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වීමට නියමිතයි.

මේ අතර, අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15 වනදායින් පසුව තවදුරටත් තීව්‍ර කරන බව විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.