WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජනතාවට දිය හැකි සහන 5ක් වජිර කියයි

2025 September 15- Page Views : 1187

හිටපු ජනාධිපතිරුන්ගේ නිල නිවාස ලබා ගැනීම නිසා රටේ සමස්ථ මහජනතාවට ලබන මාසේ සිට ලයිට් බිල්, වතුර බිල් ,පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් අඩු වී ජනතාවට සහන ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ සහන ලැබෙනතුරු බලා සිටින බවද අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව කීවේ හිනිදුම, රත්ගම සහ බෙන්තර - ඇල්පිටිය කොට්ඨාශ වල ජනතා හමු වලින් අනතුරුව මාධ්‍යයට  අදහස් දක්වමිනි.

"ශ්‍රී ලංකාවේ වගේ තත්ත්වයක් එදා නේපාලයේ ඇති වුණා.එවිට රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළා. අපි එකට එකතු වෙලා රට ඉදිරියට ගෙනයමු කියා එදා ඔහු ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේදී බොහෝමයක් දේශපාලන පක්ෂ සහයෝගය දුන්නා. ඇතැම් අය දුන්නේ නැහැ. නමුත් මතු දවසක සියලුදෙනා එකමුතුව ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමට කටයුතු කරාවි කියා මම විශ්වාස කරනවා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා එහිදී කීය.