WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගිනිඅවියක් අතදරා ගමක් බිය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

2025 September 17- Page Views : 1187

ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 49ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව වෑතර දිසාරෝහල වෙත ඇතුළත් කර ඇත.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් හා මන්නයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු ගිනිඅවිය සහ ලයිටරයක් අතැතිව තමා අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලීසියට වෙඩි තබන බවට තර්ජනය කරමින් හැසිරුණු බව වැඩිදුර සඳහන්ය.

මත්ද්‍රව‍ය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව්දෙනෙකු තියුණු ආයුධවලින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දඬුවම් විදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.

අවුරුදු 32ක් වන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.