WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දිනයේ සැකකරුවන් 634ක් අත්අඩංගුවට

2025 September 17- Page Views : 1187

පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ දිනය තුළ පුද්ගලයින් 26780ක් පරික්ෂාකර තිබෙනවා.

ඒ අනුව ඊයේ (16) දිනය තුළ අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 634ක්.

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 33ක් වෙන අතර අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 265ක්.

අත්අඩංගුවට ගෙන ඇති විවෘතවරෙන්තුකරුවන් ගණන 144ක් සහ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් 29ක් බවයි වාර්තා වෙන්නේ.

  අපරීක්ෂාකාරි රිය පැදවීම්වලට අත්අඩංගුවට ගැනීම් 15ක් වෙන අතර රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිස 3737ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.