තණමල්විල පාසල් දරුවන්ට රට දුම්වැටි විකිණූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
2025 September 18- Page Views : 1187
තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුන්ට විදේශයේ සිට ආනයනය කළ දුම්වැටි විකුණු බවට සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විවිධ රසයෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් විකිණීමට පාසල් සිසුවෙකුට ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.
එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට එම සිසුවාට ලබා දී ඇති අතර, අදාළ පාසල් සිසුවා එම දුම්වැටි රු 200ක මුදලකට පාසලේ දී විකුණා තිබේ.
පාසලේම සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට සිදුකළ දැනුම්දීමකන් අනතුරුව දුම්වැටි විකුණන සිසුවා ගෙන්වා පරීක්ෂා කොට ඇති අතර, එහිදී සිසුවා සන්තකයේ තිබී විදේශිය දුම්වැටි දෙකක් හමුවී ඇත.
පසුව තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ දුම්වැටි 690ක් හා දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අදාළ සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.