WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බැකෝ සමන්ගේ බිරිඳට ඇති චෝදනා අහන්න නාකොටික් ලොක්කා කැඳවයි

2025 September 18- Page Views : 1187

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන  රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිතව බන්ධනාගාර ගතකළ  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳට ඇති මත්ද්‍රව්‍ය  චෝදනා සම්බන්ධයෙන් පුද්ගලිකව අධිකරණය පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට අද නියෝග කළේය. 

  සැකකාරියට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන්  නීතිපති දෙපාර්තමේන්තුවේ රජය නීතිඥවරයෙකුට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසටද නියෝග කළේය.

විෂ වර්ග අබිං සහ අන්තරායක ඖෂධ පාලක පනතේ 54 වගන්තිය ප්‍රකාරව සැකකාරිය අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර  අධිකරණයට ඉදිරිපත් කළද ඊට අදාළ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් රහස් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කෙරිණි.

මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම්  සලකා බැලීමෙන් පසුව සාක්ෂි නොමැති නම් සැකකාරිය ට ඇප ලබා දෙන බව දන්වා සිටී මහේස්ත්‍රාත්වරයා සැකකාරිය එම වාර්තා ලැබෙන තෙක් ලබන 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගග කළේය.

සැකකාරිය සිය තුන් හැවිරිදි දියණිය සමඟ බන්ධනාගාර නිලධාරීන් විසින්  අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.