WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

2025 September 19- Page Views : 1187

සමාජක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරුබව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනකු  කෑගල්ල රංවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි.

 නීති විරෝධි දුම්වැටි 12400 ක්,ගජමුතු 5 ක් සහ මත් කුඩු සමඟ රංවල ප්‍රදේශයේ කුලී නිවසක සිටි  පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක්  මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා කෑගල්ල හා වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වනඅතර ඔවුහු වයස අවුරුදු 55 හහා 39 අතර  වෙති. ව්‍යජ ලෙස සකසන ලද ජාතික හැදුනුම්පතක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි කියයි.

 අයෙක් යුද  හමුදාවේ සේවය කර නීතියානුකූලව ඉවත් නොවු පුද්ගලයෙකු වන අතර ඔහු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවටත්, මහබාගේ පොලිස් වසමේ 2024 මාර්තු  28 දින ගිණි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටත් තොරතුරු අනාවරණය වි තිබෙයි.