රජයට පවරාගත් උතුරේ ඉඩම් ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි
2025 September 19- Page Views : 1187
ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම් දේශපාලන වාසි අරමුණු කරමින් නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.
මෙහිදී ඉඩම් ගැටලු පිළිබඳව එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇතිවූ කතාබහක් සමග රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම මෙලෙස පැවැත්වුණු අතර ඊට එක්වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා දිගින් දිගටම උතුරේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මතුකරමින් අදහස් දක්වා තිබුණි.