අන්තර්ජාල රැවටීම් ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වීම් ඉහළ යයි
2025 September 20- Page Views : 1187
අන්තර්ජාලය ඔස්සේ රැවටීමට ලක්කරමින් 2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, 2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇති බවය.
එමෙන්ම කාන්තාවන් 375ක්ද එම වසරේ දී මේ සඳහා ගොදුරු වී ඇති බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.