මනම්පේරිගේ තවත් ආයුධ මිද්දෙණියෙන් සොයාගනී
2025 September 22- Page Views : 1187
රැඳවුම් බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තා විසින් සිදුකරන ලද අනාවරණයකට අනුව මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී පිස්තෝලයක්,අත් අබෝම්බයක්,ටී 56 උණ්ඩ 115 ක්,රත්තරන් ආලේපිත ටී 56 මැගසින් දෙකක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
පසුගිය තුන්වනදා මනම්පේරි විසින් සිය අනියම් බිරිඳගේ නිවසේ වත්තෙහි වළදැමු බවට ඔහු කළ ප්‍රකාශයක් මත මෙම අවි ආයුධ සොයාගත් බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඊයේ දිනයේ බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළදාරීන් කණ්ඩායමක් සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව මෙලෙස අනාවරණය කර ඇත.
මිද්දෙණියේ ඉඩමක අයිස් නිශ්පාදනය කරන අමුද්‍රව්‍ය වළදැමීමේ සිදුවීමක් මත සම්පත් මනම්පේරී දින හතක රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවා ඇත.