සොරාගත් විදුලි උපකරණ සමඟ අයෙක් අල්ලයි
2025 September 22- Page Views : 1187
රුපියල් මිලියන 04 කට වැඩි වටිනා විදුලි උපකරණ සොරාගත් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල ,පුවක්පිටිය, මාදොල , ගෙවල් පන්සියය , දෙහිඕවිට , කොස්ගම ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලින් මෙලෙස සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත් අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වලදී ලබාදෙන ලද තොරතුරු මත සිදුකළ විමර්ශණ වලදී එම පුද්ගලයා විසින් සොරකම් කරන ලද ලැප්ටොප් පරිඝණක 09 ක්, රූපවාහිනී යන්ත්‍ර , ජංගම දුරකථන , විදුලි උපකරණ , අත් ඔර්ලෝසු, කැමරා ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ගැනීමට හැකිව ඇත.
අවිස්සාවේල්ල කිරිවන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු කැළණිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් , සොරා ගන්නා ලද රුපියල් මිලියන 05 කට ආසන්න වටිනාකමැති තවත් වටිනා භාණ්ඩ රැසක් ඉතා සුළු මුදලකට අලෙවි කර එම මුදල් මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගෙන ඇති බවටත් අනාවරණය වූ බවද කරගෙන ඇති බවද අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.