WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දැව ලොරියට යටවී තිදරු පියා මරුට

2025 September 24- Page Views : 1188

යතුරු පැදියක් පණ ගැන්විමට  තල්ලු කරමින් දිව විත් එයට නැගිමට උත්සහ කළ  තිදරු  පියෙකු මාර්ගයේ දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි   එම ස්ථානයේදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේයේ පදිංචි 51 හැවිරිදි රතුගමගේ  අශෝර් රවි ප්‍රනාන්දු  පැස්සුම් ශිල්පියකු ලෙස රැකියාව කරමින් සිටි පුද්ගලයකු බව කියයි.

අදාල තැනැත්තා පැස්සුම් ශීල්පියකු වන අතර ඔහු භාවිතා කරන යතුරු පැදිය පණ ගැන්විමට යොදා ගන්නා කික් පැඩලය නිසි ලෙස ක්‍රියාත්මක නොවිම හේතුවෙන් තල්ලු කරමින් එය පණ ගැන්විමට හුරුව තිබි ඇත.

එලෙසම යතුරු පැදිය පණ ගැන්විමට  ඊයේ (23)  සවස තල්ලුකරමින් සිටියදි නොසිතු ලෙස පාලනයෙන් ගිලිහි ගොස් යතුරු පැදිය එක් දිශාවකටත් තිදරු පියා මාර්ගයෙ ගමන් කරමින් තිබු දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි මරණයට පත්ව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.