WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුණු වලින් වැඩ ගන්න තැන් 54ක් හදයි

2025 September 24- Page Views : 1187

ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ  රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.

ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි  ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50.8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කෙරිණි.

ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 6ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25 ක ශක්‍යතා අධ්‍යනය සිදු කර ඇත.

ඒ අනුව, ඉදිරි වසර 3 ඇතුලත සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කින් අවම කිරීම සඳහා ප්‍රජා දැනුවත් කිරීම් හා ප්‍රජා සහභාගිත්වය තුළින් 3R සංකල්පය (Reduce, Reuse, Recycle) ක්‍රියාත්මක කරමින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමත් නිසි පරිදි වෙන් කරනු ලැබූ අපද්‍රව්‍ය (පොලිතීන්/ වීදුරු / අනෙකුත්) රැස් කිරිම හා කළමනාකරණයට පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමත් මෙමඟින්  අපේක්ෂා කෙරේ.