යතුරුපැදියක් පණගැන්වීමට ගිය තිදරු පියෙකු ජීවිතක්ෂයට
2025 September 25- Page Views : 1187
තිදරු පියෙකු වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 51 ක් වන පෑස්සුම් ශිල්පියක් බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුව ඇත්තේ මිය ගිය පුද්ගලයා යතුරුපැදියේ කික් පැඩලය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා තම යතුරුපැදිය තල්ලුකර පණගැන්වීමට උත්සාහ කරන අතරතුරයි.
ඒ අවස්ථාවේදී යතුරුපැදිය නොසිතූ ලෙස පාලනයෙන් ගිලිහී ගොස් ඔහු මාර්ගය දෙසට විසිවී ඇති අතර, එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ දැව ප්‍රවාහනය කළ ලොරි රථයකට යටවී මිය ගොස් තිබෙනවා.
ඔහු වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සමබන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.