WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුකුළු ලොරියක අලියකු හපිලා

2025 September 26- Page Views : 1187

කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා කුකුලන් විශාල ප්‍රමාණයක පාරේ තැන්තැන්වල මියගොස් ඇතැයි වනජිවිය කියයි.

අනතුරින එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

දඹුල්ල දෙස සිට බකමූණ දෙසට ලොරිය ධාවනය වෙද්දී   වන අලියකු මාර්ගය හරහා මාරුවෙද්දී  මෙම අනතුර සිදුවූ බව ලොරි රථයේ ගමන් කරමින් සිටි සේවකයෙක් සඳහන් කළේය.

වන අලියාගේ ගැටීමත් සමඟම රථය පෙරළී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බවත් ඔහු සඳහන් කළේය. අනතුරත් සමග කුකුලන්  විශාල ප්‍රමායක් මියගොස් සිටින අයුරු දැක ගැනීමට හැකි විය . තවත් පණපිටින් සිටි කුකුළන් පාර පුරා වැටී තිබෙන අයුරුද දැකගැනීමට හැකි විය