WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වියට්නාමයේ සුළි කුණාටුවෙන් අයෙකු මරුට - 12ක් අතුරුදන්

2025 September 29- Page Views : 1187

වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ධීවරයින් පිරිසක් බව ද වාර්තා වේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

මීට අමතරව වියට්නාමයේ ගුවන් තොටුපළවල් හතරක් තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.