WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය-ජීව උණ්ඩ ඇතුළු හොරබඩු සමඟ

2025 September 29- Page Views : 1187

කොට්ටාව රුක්මලේ පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හොරයින් මත්ද්‍රව‍්‍ය ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු සහ ඊට අදාළ ලිපි ලේඛන තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින්  මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75 යි මිලිගෑම් 400 ක් විවිධ වර්ගයේ ජීව උණ්ඩ  458 ක් , ටි 56 පතොරොම්  ගැබ් එකක් , ව්‍යාජව සකස් කළ වාහනයක් අංක තහඩු 30 ක් , ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික 30 හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත  අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන මොරටුව අගුලාන පදිංචිකරුවෙකි.