WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මට්ටක්කුලියේ සිදුකළ වැටලීමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

2025 September 30- Page Views : 1187

හැෂ් මත්ද්‍රව්‍ය, හෙරොයින් හා මත්පෙති සමඟ සැකකරුවෙකුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

එහිදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33 ග්‍රෑම් 270 ක්, හෙරොයින් ග්‍රෑම් 408 ක්, මත්පෙති 200 ක් හා විකිණීම සඳහා සකස් කර තිබූ හෙරොයින් (චරස්) කෑලි 7,400 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු වයස අවුරුදු 38 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.