WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පද්මේගේ ගිනිඅවියක් සන්තකයේ තිබූ 2ක් දැලේ

2025 September 30- Page Views : 1187

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන්. ඔහු රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක්.

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදි පසුගියදා අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීම සඳහා ලබාදුන් ගිනි අවියක් කැලණිය නාතුඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට භාරදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 - 38 අතර පසුවන්නන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වනවා.