WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

2025 September 30- Page Views : 1187

අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය වැඩිවී වකුගඩු වලට බලපෑම්වීම සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (30) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුට ඇප ලබාදීමටට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 14 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

සැකකරුට රෝග ඇත්නම් එය තත්කාලීන විය යුතු බවත්, ඉපදීමට තරම් සුවිශේෂී කරුණක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් සැබවින්ම ඔහුට පවතින්නේ මොනයම් රෝගයක්ද යන්න පිළිබඳව හා මෙතෙක් බන්ධනාගාර ගතව සිටීමේ දී ලබාගත් ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

මාස දෙකක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරු රෝග රැසකින් පෙලෙන බවත් ඔහුගේ ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය ඉහළ ගොස් වකුගඩු වලට දැඩි බලපෑම්වීමට ඉඩ ඇති බැවින් සැකකරුට ඇප ලබා දෙන්නයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ විමර්ශන සිදු කරන හෙයින් නඩු විභාගය අවසාන වන තෙත් බන්දනාගාර ගත කරන ලෙසට අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.