WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

700kg අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ යාත්‍රාවක් සැකකරුවෙකු සමග කොටු

2025 October 02- Page Views : 1187

තංගල්ල - සීනිමෝදර ප්‍රදේශයේ හමුවූ මත්ද්‍රව්‍ය කිලෝ 700 මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ යාත්‍රාව සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු දෙවුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

තංගල්ල - සීනිමෝදර සහ ගොඩැල්ලවල ප්‍රදේශවල ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 700 ක් පසුගියදා සොයාගනු ලැබුවා.

එහිදී එම එක් ලොරි රථයක තිබී ටී - 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර 05 ඇතුලු‍ව ගිනි අවි 06 ක් පොලිසිය විසින් එහිදී සොයාගෙන තිබුණා.

නිවසක මියගිය පුද්ගල මළ සිරුරු 2ක් හමුවීමේ සිද්ධියෙන් පසුව එම නිවසේ සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව එහි නවතා තිබූ ලොරි රථ දෙකක මත්ද්‍රව්‍ය තිබී හමුවී තිබුණා. පසුව තංගල්ල වෙරළ ආසන්නයේ තවත් ලොරියක තිබී ද මත්ද්‍රව්‍ය සොයා ගත්තා.

මේ අතර නාවික හමුදාව, ඊයේ කල්පිටිය කලපුව ආසන්නයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රන් කිලෝ 04 ග්‍රෑම් 454 සහ කුඩා යාත්‍රාවක් එහි සිටි දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.